ධනුෂ්ක ගුණතිලකට සහනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

ධනුෂ්ක ගුණතිලකට සහනයක්

ධනුෂ්ක ගුණතිලකට සහනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ඕස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අතර ඔහුට  තවත් සහනයක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

 

 

එය ධනුෂ්ක ගුණතිලක ලද ජයග්‍රහණයක් ලෙසට ඕස්ට්‍රේලියානු මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර ඇත.

 

 

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක හට මෙම සහනය හරහා ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර හිමිව ඇත.

 

 

මෙලෙස ඕස්ට්‍රේලියාව තුළ සංචාරයන් හි නිරතවීමේදී ධනුෂ්කට ගුවන් සංචාරයන් හි නිරත වීමට ද අවසර ලැබී තිබේ.

 

 

ඒ අනුව එක් මාසයකදී ඔහුට එරට අභ්‍යන්තර ගුවන් සංචාරයන් දෙකක් සිදුකිරීමට අවසර හිමිවනු ඇත.

 

 

එරට අධිකරණය තීරණය කර ඇත්තේ අදාළ නඩු විභාගය සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට එරෙහි ඇප කොන්දේසි ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

 

 

ඔහු ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම් තම සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය අවම වශයෙන් පැය 48 කට පෙර පොලිසිය දැනුවත් කරන ලෙස එහිදී වැඩිදුරටත් අධිකරණය විසින් නියෝග කර ඇත.

 

 

ධනුෂ්ක ගුණතිලකට සතියකට තුන් වතාවක් පොලීසිය හමුවේ පෙනී සිටීමේ නියෝගය තවදුරටත් ක්‍රියාත්මකය.

 

 

views

250 Views

Comments

arrow-up