අද ගෑස් මිල වැඩි වෙයිද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

අද ගෑස් මිල වැඩි වෙයිද?

අද ගෑස් මිල වැඩි වෙයිද?

ලිට්‍රෝ ගෑස් මිල අද (04) සංශෝධනය කිරීමට නියමිතයි.

 

 

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ මාසික ගාස්තු සංශෝධනයට අනුව ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද ප්‍රකාශයට පත් කරන බවයි.

 

 

කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 85කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

 

 

එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 

 

පසුගිය මාසයේ සිදුවූ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින්ද, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින්ද, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින්ද පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගත්තේය.

views

382 Views

Comments

arrow-up