ජනපති යුරෝපා සංචාරයක

ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ (පැරිස් ක්ලබ්) සාමාජිකයන් ද හමුවීමට නියමිතව අතර ශ්‍රී ලංකාවේ ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් ක්ලබ් සහය දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින පහකට ආසන්න කාලයක් ලන්ඩන් සහ ප්‍රංශ සංචාරයේ නිරත වනු ඇත.
238 Views
Comments