ජනාධිපති මන්දිරය,අරලියගහ මන්දිරය හා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් වෙයි

අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත් ජනාධිපති මන්දිරය,අරලියගහ මන්දිරය මෙන්ම ඊයේ ග්‍රහණයට් ගත් අග්‍රාමාත්‍ය කාර්‍යාලයෙන් ඉවත් වීමට තීරණය කළ බව ගාලුමුවදොර විරෝධතාවයේ නිරත වන අරගලකරුවෝ නිවේදනය කළා.
ඒ ගෝඨාගෝගම අරගල භූමියේ මීට සුළු මොහොතක පෙර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්
එහිදී ජීවන්ත පීරිස් පියතුමා කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය හා ගෝල්ෆේස් අරගල භූමිය වෙත අරගලකරුවන් එකතු වන ලෙසයි.
ඉකුත් 9 වැනිදා පැවැති අරගලය අතර අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය,අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය සිය ග්‍රහණයට ගත්හ.එසේම ඊයේ (13) දින අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලයද සිය භාරයට ගත්තා.
397 Views
Comments