ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලංකාවට එයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වන මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.
ඔවුන් ඉන්දියාවේ බැංගලෝර් සිට SpiceJet විශේෂ ගුවන් යානයකින් කටුනායක වෙත පැමිණ තිබේ.
මේ අතර ඉන්දීය කණ්ඩායමේ පැමිණීමත් සමග දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ බව සඳහන් විය.
ඔවුන් අද පස්වරුවේ නුවර බලා ගමන්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළඹෙන 02 වනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
249 Views
Comments