ශ්‍රී ලංකන් නිසා එක් ශ්‍රී ලාංකිකයෙක් රුපියල් 32000ක් ණයයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ශ්‍රී ලංකන් නිසා එක් ශ්‍රී ලාංකිකයෙක් රුපියල් 32000ක් ණයයි

ශ්‍රී ලංකන් නිසා එක් ශ්‍රී ලාංකිකයෙක් රුපියල් 32000ක් ණයයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සමුච්චිත අලාභය මෙරට ජනගහනයෙන් බෙදූවිට එක් පුද්ගලයෙකුට රුපියල් 32,000 ක ණය මුදලක් දැරීමට සිදුවන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී හෙළි වී තිබේ.

 

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එම කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ පිළිබඳ හෙළිව තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේ පසුගිය වසර දෙකක කාලය තුළ යම් මෙහෙයුම් ලාභයක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අත්පත් කරගෙන ඇති නමුත්, එහි සමුච්චිත අලාභය සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බවත්, එම අලාභය ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.2 ක් පමණ වන බවත් ය.
 

views

305 Views

Comments

arrow-up