අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

අද කාලගුණය

අද කාලගුණය

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු- මැදසහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වේ.

 

දකුණු පළාතේත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

 

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

 

ගාල්ලසිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.                                                                                                                            

කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද රළු දක්වා වේ.

views

645 Views

Comments

arrow-up