FEB
08
පානීය ජල ලීටරයත් රුපියල් 20කින් ගණන් උස්සයි

බෝතල් කළ පානීය ජලය මිලිලීටර 500ක මිල රුපියල් 15 කින් සහ ජලය ලීටරයක් රුපියල් 20කින් ඉහළ දැමීමට බෝතල් කළ පානීය ජල ව්‍යාපාරිකයින් පියවර ගෙන ඇත.
එම මිල ඉහළ දැමීමත් සමඟ මිලිලීටර 500ක ජල බෝතලයක් රුපියල් 50ක් සහ ලීටරයේ ජල බෝතලයක් රුපියල් 70ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලීටර එකහමාරක බෝතලයක් රුපියල් 90ක්, ලීටර 5ක බෝතලයක් රුපියල් 200ක් සහ ලීටර 7ක බෝතලයක් රුපියල් 240ක් දක්වා ඉහළ නංවා තිබේ.
2018 වසරේ පනවා තිබූ උපරිම පාලන මිල වසර හතරකට පසුව පසුගිය 29 වැනිදා ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.
627 Views
Comments