ඊයේත් ආසාදිතයින් දහස පනී - කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
01

ඊයේත් ආසාදිතයින් දහස පනී - කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහලට

ඊයේත් ආසාදිතයින් දහස පනී - කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහලට

ඊයේ(31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 1082ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

 

එම ආසාදිතයින් අතර විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකුද සිටින බව එම නිවේදනයේ දැක්වේ.

 

මේ වනවිට දිවයිනේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවද ඒ අනුව 611,185ක් දක්වා ඉහළගොස් ඇත.

 

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් ඇති බව යළිත් තහවුරු කරමින් පෙරේදා දිනයේද කොවිඩ් ආසාදිතයන් 1056 දෙනෙකු හඳුනාගැනුණි.

 

දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අවසන්වරට දහස ඉක්මවා වාර්තා වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 26 වනදායි.


ගතවූ දින 12 තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,815ක්වේ.

views

671 Views

Comments

arrow-up