"මිනිසුන්ගේ මළ මිනී මතින් දේශපාලනය කරන්න එපා" ජොනී කියයි

විදුලි අර්බුදය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, "අයවැයෙන් වැඩ ලක්ෂයක්" ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනට පසුගිය සිකුරාදා (පෙබ. 4) එක්වෙමිනි.
මෙලෙස කුමන්ත්‍රණ කරන පුද්ගලයින් කවුරුන් ද යන්න පිළිබඳව ඉදිරියේදී හෙළිවනු ඇති බව ත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන බව ත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේ ය.
මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"ගෑස් ප්‍රශ්නයේදී ත් මම කිව්වා කවුරුහරි මේක පිටුපස ඉන්නවා කියලා. එතකොට මට ගොඩක් අය බැන්නා. දැන් ගෑස් පුපුරණවා දැකල තියනවා ද ? විදුලියේදී තියෙන්නෙත් මේ වගේ ම ප්‍රශ්නයක්. එක පාරට කැඩෙනවා. මාස ගණන් වහනවා. ජනතාවට දැනෙන්නේ නැද්ද මේ විදුලි බලය අර්බුදය පිටුපස්සේ කුමක් හෝ දෙයක් තියනවා කියලා ?
මේක පිටුපස්සේ කුමන්ත්‍රණයක් තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. මේ දේවල් පිටුපස කුමක් හෝ දෙයක් තියෙනවා. බෝම්බ තිබ්බ අය එළි වුණා වගේ මේ දේවලුත් ඉදිරියේදී එළිවෙයි. ඒ සම්බන්ධව අපගේ ජනාධිපතිතුමා කටයුතු කරයි. අඬ බෙර ගහන්නෙ නැතුව උපක්‍රමශීලීව ඔය හැම කෙනෙක්වම පොලිසිය හෙළි කරයි. වෘත්තිය සමිතිවලට අපි කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.
මේ ක්‍රියාත්මක වෙන්නේ තනිකර යටි උගුල් කුමන්ත්‍රණයක්. ඡන්දවලට මුහුණ දීලා ජනතාවගේ කැමැත්තට අපි ඉඩ දෙමු. මිනිසුන් මරලා මළ මිනී මතින් දේශපාලනය කරන්න හදන්න එපා. මිනිසුන්ගේ විදුලිය කපලා බලය ලබා ගන්න හදන්න එපා. ඒවා වැරදි වැඩ."
602 Views
Comments