නැගෙනහිර ඇමරිකාවේ ප්‍රාන්ත 05ක හදිසි තත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

නැගෙනහිර ඇමරිකාවේ ප්‍රාන්ත 05ක හදිසි තත්වයක්

නැගෙනහිර ඇමරිකාවේ ප්‍රාන්ත 05ක හදිසි තත්වයක්

වසර 4 කට පසු නැගෙනහිර ඇමරිකාව මේ වනවිට දරුණතම හිම කුණාටුවට මුහුණදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

අධික හිම පතනයත් සමඟ නැගෙනහිර ඇමරිකාවේ ප්‍රාන්ත පහක් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

සුළිකුණාටු තත්වයත් සමඟ අධික හිම පතනය සිදුවන බවයි කාලගුණික අංශ සඳහන් කරන්නේ.

 

 වාර්තාගත හිම පතනයත් සමඟ ගංවතුර තත්වයක් ද ඇති විය හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවනවා.

 

 නැගෙනහිර ඇමරිකාවේ ගුවන් ගමන් 6000 ක් පමණ තාවකාලිකව අත්හිටුවීමට ද බලධාරින් පියවර ගත්තා. නිව්යෝර්ක් හා මැසසුසෙට්ස් නගර වලට අඩි දෙකක් පමණ උසට හිම පතනය සිදුව ඇති අතර නිවාස අනූ පන්දහසකට පමණ විදුලි බලය නොමැති බව ද සඳහන්.

views

651 Views

Comments

arrow-up