රෝදය ගැලවුණු මෝටර් රථය ත්‍රීරෝදයේ ගැටී දෙදෙනෙකුට බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

රෝදය ගැලවුණු මෝටර් රථය ත්‍රීරෝදයේ ගැටී දෙදෙනෙකුට බරපතලයි

රෝදය ගැලවුණු මෝටර් රථය ත්‍රීරෝදයේ ගැටී දෙදෙනෙකුට බරපතලයි

මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

 

බණ්ඩාරගම, කළුතර මාර්ගයේ ගල්තුඩේ ප්‍රදේශයේදී ඊයේ(23) එම අනතුර සිදුව තිබේ.

 

කළුතර සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගල්තුඩේ පාලම අසලදී රෝදයක් කැඩී ගොස් ඇත.

 

අනතුරුව එම මෝටර් රථය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් මෝටර් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී එම අනතුර සිදුවී ඇති බව බණ්ඩාරගම පොලීසිය කියයි. 

 

අනතුරින් තුවාල ලබා තිබෙන්නේ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි පසුපස ගමන් ගත් පුද්ගලයෙකි.

 

තුවාලකරුවන් බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ. 

 

අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය පරික්‍ෂණ පවත්වයි.

views

718 Views

Comments

arrow-up