විදුලි විසන්ධිවීම් සිදුවෙයි..තෙල් ගහන්න බැරිවෙයි..
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

විදුලි විසන්ධිවීම් සිදුවෙයි..තෙල් ගහන්න බැරිවෙයි..

විදුලි විසන්ධිවීම් සිදුවෙයි..තෙල් ගහන්න බැරිවෙයි..

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.

 

කෙරවළපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් එම සංගමය මෙම පියවර ගෙන තිබුණි.

 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,

 

"අකුරට වැඩ කිරීමේදී සිදුවෙන්නේ පද්ධතිය ටිකෙන් ටික බිඳවැටෙන එක. විදුලි විසන්ධිවීම් සිදුවෙයි. එය එන්න එන්නම වැඩිවෙයි. ජලය නැතිවෙයි. රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වෙයි. තෙල් ගහන්න බැරිවෙයි. රට නවතියි. අපිව එතනට තල්ලු කරන්න එපා."

views

705 Views

Comments

arrow-up