වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් දැඩි පීඩා

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 93,000 ඉක්මවා ගොස් ඇති බවයි.
එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ මේ වන විට වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 05ක පවුල් 28,945කට අයත් පුද්ගලයන් 93,164 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.
මීට පෙර සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුරු පළාත්වලින් පමණක් පුද්ගලයන් වාර්තා වී තිබුණ ද මේ වන බව සඳහන් වේ.
මෙම වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතනය ඉහළ යාමක් පෙන්නුම් කළ හැකි බව මාධ්‍ය හමුවකට එක්වූ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේය.
පවතින වියළි කාලගුණ තත්ත්වය දේශපාලන සටන් පාඨ ලෙස යොදා නොගන්නා ලෙස තමන් සියලු පාර්ශ්ව වෙතින් ඉල්ලීමක් සිදු කරන බව මේ අතර, මෙම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරන්නේ මේ වන විට ජලය නොමැතිකම හේතුවෙන් වලව කළාපයේ ගොවීන්ගේ වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් වන්දි ලබා දීමට පියවර ගත යුතු බවයි.
ඔවුන් පසුගියදා මානව හිමිකම් කොමිසම හමුවේ වගා කටයුතු සඳහා ජලය ලබා නොදීමට එරෙහිව පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු අද සිදුකෙරිණි.
215 Views
Comments