දෙහිවල දුම්රියපොළ අසළ කුඩු බෙදූ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

දෙහිවල දුම්රියපොළ අසළ කුඩු බෙදූ අයෙක් අත්අඩංගුවට

දෙහිවල දුම්රියපොළ අසළ කුඩු බෙදූ අයෙක් අත්අඩංගුවට

දෙහිවල දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ පුද්ගලයකු හෙරොයින් බෙදා හරිමින් සිටින බවට දෙහිවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුණි.



ඒ අනුව එම පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කොට හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 460 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.



අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉකුත් ජූනි මස 30 වැනිදා දෙහිවල, මුහුදුබඩ මාර්ගය ප්‍රදේශයේදී සොරකම්කර තිබූ ත්‍රිරෝද රථයක් පිළිබඳව හා ත්‍රිරෝද රථ බැටරියක් පිළිබඳව පාපොච්චාරණය කළ බවත් පොලිසිය පවසයි.



සැකකරු 32 හැවිරිදි වියේ පසුවන දෙහිවල දුම්රියපොළ පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිකරුවෙකි.
 

views

212 Views

Comments

arrow-up