ඇමතිවරුන් සඳහා අලුතින් වාහන ගෙන්වන පුවතක්

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ඇමතිවරුන් සඳහා අලුතින් වාහන ගෙන්වීමට ආණ්ඩුවට සිදුවන්නේ යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කර සිටී.
පළාත් සභාවේ හිටපු ඇමතිවරුන් සහ ඔවුන්ගේ ලේකම්වරුන් භාවිතා කරන ලද වාහන දෙසිය හැත්තෑවක් පමණ එම සභාවල නිලධාරීන් වසර පහක් තිස්සේ භාවිතා කරන බව ඒ මහතා පවසා සිටී.
පළාත් සභා ඡන්දය නොපැවැත්වීම නිසා රටට ඉතිරියක් වී නැතැයිද පළාත් සභාවක මහ ඇමතිවරයා ඇතුළු ඇමැතිවරුන් පස් දෙනකු සිටින අතර එක් ඇමතිවරයෙකුට වාහන තුන බැගින් ලබා දී තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.
204 Views
Comments