මෙරටට යුරෝපා සංචාරකයින්ගේ පැමිණීම අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

මෙරටට යුරෝපා සංචාරකයින්ගේ පැමිණීම අඩුවෙයි

මෙරටට යුරෝපා සංචාරකයින්ගේ පැමිණීම අඩුවෙයි

යුරෝපා රටවල සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

 

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ ලෝක සංචාරක සංවිධානයේ දත්තවලට අනුව එම තත්ත්වය දකුණු ආසියානු කළාපයේ අනෙකුත් රටවල්වලට ද බලපා ඇති බවයි.

 

කෙසේවෙතත් ලබන ජනවාරි මාසයේදී මෙරටට පැමිණෙන යුරෝපා සංචාරකයින්ගේ වර්ධනයක් පැවතිය හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

 

මෙම මාසය තුළ දෛනිකව විදෙස් සංචාරකයින් 2,200 කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට පැමිණෙනවා.

 

ඒ අනුව දෙසැම්බර් 08 වනදා දක්වා විදෙස් සංචාරකයින් 17,000 කට ආසන්න ප්‍රමාණයක් දිවයිනට පැමිණ ඇති බවයි  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ.

views

220 Views

Comments

arrow-up