අවුරුදු 17ක සිසුවා ගෙදර නවතා තිබූ මෝටර් රථය ඇතුළේ සිරවී මරුට

නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයක් තුල පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවෙකු මෝටර් රථයෙන් එළියට ගෙන රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ ජයමාවත පදිංචිව සිටි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 12වන වසරේ ඉගෙනුම ලැබූ මදම්පෙරුම ආරච්චිගේ සඳුන් නින්සර සිසුවෙකි.
මියගිය සිසුවාගේ මව අනෙක් නිවුන් දරුවා සමග ජයවර්ධනපුර රෝහලට ගොස් ඇති අතර වැඩිමල් සහෝදරිය හා පියාද රැකියාවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය වූ දින නිවසේ සිට ඇත්තේ මියගිය දරුවා පමණක් බවත් පොලිසිය කියයි.
දහවල් යාබද නිවසක පදිංචි පාසලේ මිතfුරකු නිවසට පැමිණීමේ දී නිවසේ ඉදිරිපස ගේට්ටුව වසා තිබී ඇති අතර නිවසේ දොර විවෘත කර තිබූ හෙයින් නිවස තුලට ගොස් කාමරය තුල සොයා බැලීමේදී රූපවාහිනිය ක්‍රියාත්මක හා විදුලි පංකාව ද ක්‍රියාත්මකව තිබී ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලීසිය සඳහන් කරයි.
නිවසේ සෑමතැනමක ඔහු සොයා බැලුවද නොසිටීම හේතුවෙන් අවට පදිංචිකරුවන්ට ද පවසා සිසුවා සොයා ඇති අතර පසුව පියාට ද දුරකථන ඇමතුමක් ලබාදී පැවසීමෙන් අනතුරුව පියාද නිවසට පැමිණ දරුවා සොයමින් සිටියදී මෝටර් රථයේ ඉදිරිපස වම් පස අසුනේ දොරට හේත්තු වී ඒ තුළ සිහි විසඥව වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.
සිසුවා ගේ පාද දෙක රියැදුරු අසුන මත තිබී ඇතැයි පොලිසිය කියයි.
ඒ වන විට මෝටර් රථයේ සියලුම දොරවල් ස්වයංක්‍රීයව වැසි තිබී ඇතැයි පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වූ පියා යකඩ ඉන්නක් ගෙන වීදුරු කැඩීම උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වීම හේතුවෙන් මෝටර් රථයේ යතුර මතක් වී දොර විවෘත කර ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී සිසුවා ගේ මුවින් සෙම වැගිරී ඇති අතර අදික ලෙස දහඩිය ශරීරය පුරා තිබී ඇති අතර සිරුර අධික රස්නයෙන් යුතු ව තිබී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
පසුව සිසුවා වහාම පිලියන්දල දිසා රෝහල වෙත රැගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබාදී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ සවස මියගොස් තිබූ බව පොලිසිය කියයි.
262 Views
Comments