තෙල් මිල් සූත්‍රයේ අලුත්ම කතාව

ඉදිරියේදී මිල සූත්‍රය මාසයකට එක් වතාවක් පමණක් නිවේදනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ සම්බන්ධයෙන් පැවසුවේ අදාළ මිල සූත්‍ර දිනය සහ සංශෝධිත මිල ගණන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධරී මණ්ඩලයක් විසින් තීරණය කරන බවයි.
සෑම මසකම 1 සහ 15 දෙදින මිල සංශෝධනයක් වන බවට අමාත්‍යවරයා මීට පෙර සදහන් කර තිබූ අතර නමුත් එම් දිනයන් වලදී බොහෝ අවස්ථාවල මිල ගණන් සංශෝධනය නොවීය.
මේ හේතුවෙන් ඉන්ධන හල් හිමියන් පවා ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් පසුගිය කාල සීමාවේ දැඩි ඉන්ධන හිඟයක් පවා ඉන්ධන හල් ආශ්‍රිතව සිදු විය.
172 Views
Comments