අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

අද කාලගුණය

අද කාලගුණය

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවේ.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

බස්නාහිර, වයඹ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

කන්කසන්තුරය සිටත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යය ස්වභාවයෙන් යුතු වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

211 Views

Comments

arrow-up