බාලවයස්කාර පාසල් දැරියගේ බෑගයේ තිබී උපත්පාලන පෙති හමුවෙලා - විමර්ශනවලදී එළියට ආ ඇඟ හිරිවැටෙන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

බාලවයස්කාර පාසල් දැරියගේ බෑගයේ තිබී උපත්පාලන පෙති හමුවෙලා - විමර්ශනවලදී එළියට ආ ඇඟ හිරිවැටෙන කතාව

බාලවයස්කාර පාසල් දැරියගේ බෑගයේ තිබී උපත්පාලන පෙති හමුවෙලා - විමර්ශනවලදී එළියට ආ ඇඟ හිරිවැටෙන කතාව

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක් දූෂණය කළ බවට 24 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පන්නල ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ගුරුවරයා කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

 

මෙම ගුරුවරයා දංකොටුව, වෙන්නප්පුව මාකදුර ආදී ප‍්‍රදේශ රැසක විද්‍යාව විෂය ඉගැන්වීම් කරනු ලබන අයෙකි.


පන්නල පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා සාවිත‍්‍රි සිරිමාන්න මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පන්නල විදුහලකින් සිසුවියක් සන්තකව තිබී උපත් පාලන පෙති විශේෂයක බහාලූමක් හමු වූ බවයි. 

 

ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සිදු කළ විමර්ශයන්ගෙන් පසුව පොලිසිය දැරියන් අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කොට යළි ප‍්‍රශ්න කිරීමේදී එක් දැරියක් දිගින් දිගටම මෙම සැකකාර උපකාරක පන්ති ගුරුවරයා විසින් දූෂණ සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.


උපකාර පන්තිය සම්බන්ධයෙන් සකස් කර තිබූ වට්ස්ඇප් සමූහයකින් සැකකරු විසින් දැරියගේ අංකය සොයාගෙන යම් යම් පෙළඹවිම් සිදුකර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.


එහිදී සැකකාර ගුරුවරයා දංකොටුව ප‍්‍රදේශයේ තවත් පන්තියක ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටියදීම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පැවසූ පොලිසිය ඇප ලබාදීම සම්බන්ධව පොලිසියේ දැඩි විරෝධතාවයද පල කරන ලදී.

views

745 Views

Comments

arrow-up