පාන් ගෙඩියක බර ගැන විධිමත් පරීක්ෂණයක්

පාන් ගෙඩියක නිසි බර ප්‍රමාණය පිළිබදව පරීක්ෂා කිරීම සඳහා ඒ පිළිබද වගකීම භාර ආයතනය වන කිරුම් මිණුම් ආයතනය හරහා ඉදිරියේදී අවශ්‍ය නෛතික කටයුතු සිදු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කර සිටී.
වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණ අතර එහිදී අමාත්‍යවරයා විසින් මේ බව දැනුම් දී තිබේ.
උත්සව සමය වෙනුවෙන් බේකරි ආශ්‍රිත නිෂ්පාදන සදහා පවතින පාරිභෝගික ඉල්ලුමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් සැපයුමක් ලබා දීම සදහා බිත්තර පවුඩර් සහ දියර බිත්තර ආනයනය කිරීම සදහා ඇති හැකියාවද මෙහිදී සොයා බැලුණු අතර වෙළෙඳපළට බිත්තර පවුඩර් හා දියර බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ආනයනික බදු සැලකිය යුතු ප්‍රමාණයක් පවතින අතර එම බදු ප්‍රමාණයන් අවම කර ගැනීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමටද අමාත්‍යවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබේ.
252 Views
Comments