AUG
30
අස්වැසුම නිසා අදත් රාජ්‍ය බැංකු විවෘතයි

අද දින රාජ්‍ය බැංකු විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ.
පොහෝ දිනයක් වුවත්, අද දින අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා පමණක් බැංකු විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය.
ඒ අනුව අද උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකු සියලු ශාඛාවන් විවෘතව තිබේ.
අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් පසුගිය සඳුදා දින සිට ආරම්භ වූ අතර ඊට අදාළ මුදල් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පසුගියදා කටයුතු කර තිබුණි.
248 Views
Comments