ආයුර්වේද පනත සංශෝධනයට අවසර

අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා පැවසුවේ ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවයි.
ඒ අනුව ඉදිරියේ දී අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට 2022-10-31 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.
227 Views
Comments