භාවනා අසපුවේ භාවනානුයෝගීව සිටි පුද්ගලයෙක් වන අලි පහරදීමෙන් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

භාවනා අසපුවේ භාවනානුයෝගීව සිටි පුද්ගලයෙක් වන අලි පහරදීමෙන් මරුට

භාවනා අසපුවේ භාවනානුයෝගීව සිටි පුද්ගලයෙක් වන අලි පහරදීමෙන් මරුට

මරදන්කඩවල, හබරණ මාර්ගයේ භාවනා අසපුව අසලදී පෙරේදා(27) සවස යෝගී භාවනා කරමින් සිටි පුද්ගලයෙකු හට වන අලියෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලබා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මරදන්කඩවල පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ පදිංචි කණ්ඩුල මනන්පේරිය නමැති 31 හැවිරිදි අවිවාහකයෙකි.

 

මිය ගිය පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ පෙරේදා(27) දහවල් හීනුක්කිරියාගම භාවනා අසපුව වෙත යෝගී භාවනා කිරීම සඳහා පැමිණ ඇත. 


පසුව සවස 6.30ට පමණ අසපුව අසල කැලෑ රොදක භාවනා කරමින් සිටි මෙම පුද්ගලයා අසලට වන අලියෙකු පැමිණ ඇති අතර එම අලියා ජායාරූපගත කිරීමට ළඟට යෑමට උත්සාහ කිරීමේදී වනඅලියා එලවාවිත් පහරදී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මරදන්කඩවල පොලිසිය පවසයි.

 

වන අලි පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යෑමට කටයුතු සිදුකර ඇති අතර පසුව ඔහු මිය ගොස් ඇත. 

 

ගම්මුන්ගේ සහයෙන් වන අලියා එම ස්ථානයෙන් පන්නා දැමීමට කටයුතු කර තිබේ.

 

සිද්ධිය සම්බන්ධව මරදන්කඩවල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

views

231 Views

Comments

arrow-up