කිසිවෙකුවත් විශ්වාස නොකරන අරලියගහ මන්දිරය ලඟ තිබුණ නිවස
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

කිසිවෙකුවත් විශ්වාස නොකරන අරලියගහ මන්දිරය ලඟ තිබුණ නිවස

කිසිවෙකුවත් විශ්වාස නොකරන අරලියගහ මන්දිරය ලඟ තිබුණ නිවස

කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට මීටර් 75ක පමණ දුරින් සම්බාහන මධ්‍යස්ථානයක් සිදු කරන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වී තිබෙනවා.

 

 

එහිදී එම ගණිකා නිවාසයේ සිටි පාලිකාවන් දෙදෙනෙක් සහ තවත් තරුණියක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. පොලිසිය පවසා සිටියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද සෝදිසි වරෙන්තුවක් අනුව අදාළ වැටලීම සිදු කළ බවයි.

 

 

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාරියන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර කළ අතර තිදෙනාටම ඇප ලබා දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඬුල්ල ඉල්ලීම් කර තිබෙනවා.

 

 

කෙසේ වෙතත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර ඇත්තේ සැකකාරියන් දෙදෙනෙකුට එරෙහිව පැවැති පෙර වැරදි හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

 

 

එහෙත් පෙර වැරදි නොතිබීම හේතුවෙන් එක් සැකකාරියක් රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

views

419 Views

Comments

arrow-up