සූර්වී එන සැමියාගේ හිරිහැර ඉවසනු නොහැකිව හිරමනයකින් පහරදී බිරිඳ සැමියා මරා දමයි

දැඩි ලෙස මතට ලොල්වූ සැමියෙකු සිය බිරිඳට පහරදී නිතර සිදුකරන හිරිහැර ඉවසනු නොහැකිව බිරිඳ විසින් එල්ල කළ හිරමන පහරින් සැමියා මියගොස් තිබේ.
යාපනය පොලිසිය සඳහන් කළේ මොහු යාපනය රෝහලට ඇතුළත් කිරීමට පෙර මියගොස් ඇති බවයි.
මෙම ඝාතනය සිදුවී ඇත්තේ යාපනය අරියාල ප‍්‍රදේශයේ නිවසක් තුළය.
ඝාතනයට සම්බන්ධ බව කියන එක්දරු මවක් වූ සැකකාරිය පොලිසියට තිබෙන්නේ තම සැමියා නිතරම මත්පැන් පානය කර නිවසට පැමිණෙන අතර නැති ප‍්‍රශ්න ඇති කරමින් නිතර ආරවුල් ඇති කර ගන්නා බවයි.
කුලී වැඩ කර ජීවත්වන මියගිය තැනැත්තා තම දරුවා ගැන පවා සැලකිලිමත් නොවී කටයුතු කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි තිබේ.
මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 32 ක් වන අතර නිවස අවට පදිංචිකරුවන්ද පවසා තිබෙන්නේ මෙම මියගිය පුද්ගලයා මත්පැන් පානය කර ආරවුල් ඇතිකර ගන්නා බවයි.
සැකකාරිය හිරමනය ද සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
28554 Views
Comments