නිවුන් දරු ප්‍රසූතියෙන් පසු මව කොරෝනාවෙන් මරු තුරුලට - බිළිඳුන් දෙදෙනාත් කොවිඩ් පරික්‍ෂාවකට

නිවුන් දරුවන් ප්‍රසූත කොට යාපනය ශික්ෂණ රෝහලේදී මියගිය මවට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව ඇයගේ මෘත දේහය යාපනය පොම්මාවේලී ආදාහනාගාරයේදී ඊයේ(12) ආදාහනය කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබිණි.
25 හැවිරිදි යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි අජන්තාන් ඉනියා නමැති කාන්තාව දරු ප්‍රසූතිය සඳහා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇයගේ රෝගී තත්වය වැඩිවීම නිසා ඇයව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට තිබේ.
එහිදී ඇය නිවුන් දරුවන් ප්‍රසූත කිරීමෙන් පසු හුස්ම ගැනීමේ අපහසුවක් නිසා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇයට කොවිඩ් රෝගය වැළඳී ඇති බව තහවුරුවූ අතර දින දෙකකට පසු ඇය මියගොස් ඇත.
ඇය බිහිකළ දරුවන් දෙදෙනා මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අතර බිළිඳුන් දෙදෙනාට කොවිඩ් වෛරසය වැළදී ඇත්දැයි යන්න පිළිබඳ යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පරීක්ෂණ ආරම්භ කොට ඇත.
1222 Views
Comments