දුම්රියේ ගැටුණු ජීප් රථයේ රියැදුරුගේ ජීවිතය අනූ නමයෙන් බේරෙයි

ගාල්ල බෝපේ, වැකුණගොඩ දුම්රිය හරස් මාර්ගයේදී සුඛෝපභෝගී ජීප් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රියේ රියදුරු පමණක් සිට ඇති අතර ඔහු සුළු තුවාල සහ කම්පන තත්වයෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි.
ඔහුගේ දිවිගැලවීම හාස්කමකින් මෙන් සිදුවූවක් බව ප‍්‍රදේශවාසීහු පවසති.
බෙලිඅත්ත සිට කොළඹ බලා නවීකරණ කටයුත්තක් සඳහා ධාවනය වන දුම්රියේ මෙම ජීප් රථය ගැටී ඇති අතර එම අවස්ථාවේදී දුම්රිය මාර්ගයේ අනතුරු අඟවන සංඥාද නාදවී තිබේ.
අනතුරත් සමඟ දුම්රිය එම ස්ථානයේ නතර කර සුළු වේලාවකදී නැවතත් ගමන් ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.
ජීප් රථ රියදුරගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
889 Views
Comments