SEP
06
දර කැඩීමට ගිය තරුණියක් හිටිහැටියේ අතුරුදහන් වෙයි

සිය මව සමග දර කැඩීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ රක්ෂිතයකට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදහන් වී තිබෙනවා.
ඩන්සිනන් වතු යායට ඉහළින් පිහිටි රක්ෂිතයට ඊයේ උදෑසන 9:30 ට පමණ මොවුන් දෙදෙනා ඇතුළු වී තිබුණා. එහිදී කඳු මුදුනට තනිවම ගමන් කළ දියණිය නැවතත් ආපසු පහළට පැමිණ තිබුණේ නැත.
ඊයේ පස්වරුවේම ප්‍රදේශවාසීන් සමග ඇයව සෙවීමට උත්සාහ ගත්තත් ඒම උත්සහය අසාර්තක විය.
දැරිය සොයා යුද හමුදාව සහ පොලීසියද මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
958 Views
Comments