කොරෝනා වැළදෙන භික්ෂූන් වෙනුවෙන් ලොව ප්‍රථම වරට රෝහල් අපේ හමුදාව හදයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

කොරෝනා වැළදෙන භික්ෂූන් වෙනුවෙන් ලොව ප්‍රථම වරට රෝහල් අපේ හමුදාව හදයි (VIDEO)

කොරෝනා වැළදෙන භික්ෂූන් වෙනුවෙන් ලොව ප්‍රථම වරට රෝහල් අපේ හමුදාව හදයි (VIDEO)

කොරෝනා  වෛරසය ආසාදනය වන මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් ප්‍රථම වරට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් (ICC) කොළඹ විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය (ICC) සියලුම වෛද්‍ය උපකරණ වලින් සමන්විත වන අතර ආසාදනයට පත් භික්ෂූන් වහන්සේලා 84 දෙනෙකු සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබාගත හැකි පහසුකම් සහිත කාමර 45 ක ප්‍රමාණයකින් සමන්විත වෙනවා.

 

ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමිපාණන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සුජීවා නෙල්සන්ගේ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් දින කිහිපයක් තුල මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීමට කටයුතු කර තිබීම මෙහි විශේෂත්වයක්.

 

 

views

1575 Views

Comments

arrow-up