නාරම්මල වැටලීමකින් ලක්ෂ 83ක හෙරොයින් එස්.ටී.එෆ් භාරයට

අත්තිඩිය හා නාරම්මලදී සිදුකළ විශේෂ මෙහෙයුම් දෙකකදී හෙරොයින් ග්‍රෑම් 30ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 805ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෝටර් රථයකින් එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී එම මෝටර් රථයද විශේෂ කාර්‍ය බලකාය භාරයට ගත් අතර මේ සම්බන්ධයෙන් 39 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 8,350,000ක් බවයි.
විශේෂ කාර්‍ය බලකාය විසින් අත්තිඩිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 400ක් සමග 32 හැවිරිදි පුද්ගලයෙක් හා ඔහු සතුව තිබී රුපියල් 94000ක මුදලක්, ජංගම දුරකථනයක් හා මත්ද්‍රව්‍ය එතීමට ගන්නා කඩදාසි බණ්ඩල 2ක් භාරයට ගෙන ඇත.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්න බව අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
897 Views
Comments