රට සල්ලිවලට දුන් දිරි දීමනාව නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

රට සල්ලිවලට දුන් දිරි දීමනාව නවතී

රට සල්ලිවලට දුන් දිරි දීමනාව නවතී

විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. 

 

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පාවීමට ඉඩ හැරීමට ගත් තීරණය සමග පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ප්‍රේෂණ සඳහා ඉහළ ප්‍රතිලාභයක් සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇති බවට තීරණය කිරීම හේතුවෙන් රජය එම තීරණය ගෙන ඇත.

 

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම දිරි ගැන්වීම සඳහා ලබා දුන් දිරි දීමනා මට්ටම මේ වනවිට ඉක්මවා ගොස් ඇති බව ද මහ බැංකුව සඳහන් කරයි. 

 

විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන ඉහළ යාම හේතුවෙන්, විදේශගත ශ්‍රමිකයන් සහ අපනයනකරුවන් විසින් විධිමත් මාර්ග ඔස්සේ විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී  ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙහි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද මහ බැංකුව ප්‍රකාශ කරන අතර මෙම මාසය තුළදී එම වර්ධනය පෙන්නුම් කර ඇති බව ද මහ බැංකුව වැඩිදුරට ත් ප්‍රකාශ කරයි.

views

1059 Views

Comments

arrow-up