ව්‍යාංජනය රස නැතැයි කියා දියණියට ගැසූ බීමත් පියා පුත්‍රයාගේ පිහි පහරින් මරුට

තම දියණියට කලහකාරී ලෙස හැසිරෙමින් අමානුෂිකව පහර දුන් අවස්ථාවේ පුතා එල්ල කළ තියුණු ආයුධ පහරකින් 44 හැවිරිදි පියෙකු මියගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය පියා බිමතින් නිවසට පැමිණ දහවල් ආහාරය සඳහා සකස් කර තිබූ ව්‍යංජනයක් සම්බන්ධයෙන් ඔහුගේ දියණිය සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එම අවස්ථාවේ දියණියට පහරදී ඇති බවත් පුතා එය වළක්වා තියුණු ආයුධයකින් සිය පියාට පහරදී ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
729 Views
Comments