උදෑසන රැස්වීම අතරතුර බඹර කූඩුව විදුහල්පතිගේ ඇඟට වැටෙයි - සිසුන් සහ ගුරුවරුන් 65ක් රෝහලට

ඇතිමලේ ඉසුරුපාසලේ පැවැති රැස්වීමක් අතරතුර බඹර කූඩුවක් විදුහල්පතිවරයාගේ ඇගට කඩා වැටී බඹරු ඇවිස්සීමෙන් සිසු සිසුවියන් හා ගුරුවරුන් ඇතුලු 65 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
පාසල ආරම්භවීමත් සමඟ අද(14) උදෑසන රැස්වීම අතරතුර පාසල් ගොඩනැගිල්ලක කොරිඩෝවක තිබු විශාල බඹරයක් එක්වරම විදුහල්පතිවරයාගේ ඇග මතට කඩා වැටීම සමඟ සිසු සිසුවියන් හිස් ලූ අත දිවයාමේදී සිසුන්ටද බඹරු ඇන ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබු විදුහල්පතිවරයා සමඟ ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසු සිසුවියන් 62ක් ඇතිමලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අසාධ්‍ය වු සිසුන් දෙදෙනෙකු සියඹලාණ්ඩුව රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය කියයි.
ඇතිමලේ පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
764 Views
Comments