ගිනිගත් නැවේ වන්දියත් ගිනිබත් වෙලා

මෙරට මුහුදු තීරයේදී ගිනිගෙන මුහුදුබත් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ අනතුරෙන් මෙතෙක් ලැබිය යුතු සම්පූර්ණ මුදල වන මිලියන 3480ක මුදල තවමත් ලබා ගෙන නැතියි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
පසුගිය 2020 සැප්තැම්බර් මස ඊසානදිග මුහුදු තීරයේ අනතුරට පත් මෙම නෞකාව සම්බන්ධයෙන් අයකරගත යුතු මුදල් පිළිබඳවද පසුගිය දින පාර්ලිමේන්තුවේදී එම කමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙන අතර මෙතෙක් අයකරගෙන ඇත්තේ සම්පූර්ණ මුදලින් රුපියල් මිලියන 12ක් සහ නැවේ ගින්න නිවීමට, තෙල් විසිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා රුපියල් මිලියන 51.3 ක මුදලක් පමණක් බවත් අනාවරණය වී ඇත.
653 Views
Comments