හෝටල්,අාපනශාලා සීයට හැටක් වැසේ

රටපුරා පවතින ගෑස්, පාන් පිටි හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් හෝටල්, ආපන ශාලා සහ බේකරිවලින් සීයට 60 ක පමණ ප්‍රමාණයක් වසා දමා ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කරයි.
ඇතැම් හෝටල් සහ ආපනශාලා දින ගණන් වසා දමා ඇතැයි ද ඔහු පැවසීය.
මේ හේතුවෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි බැවින් කඩ කුලී සහ සේවක වැටුප් ගෙවීම පවා දුෂ්කර තත්ත්වයට පත්ව ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
රජය මෙම ගැටළුවට වහා විසඳුමක් නොදුනහොත් හෝටල්, ආපනශාලා සහ බේකරි කර්මාන්තයෙන් තමන්ට සම්පූර්ණයෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය.
588 Views
Comments