පාස්කු ප්‍රහාරය ගැන කියන්න, කාදිනල් හිමිපාණන් පාප් වහන්සේ හමුවේ

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානයේදී අද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දුටුවා.
ඒ, පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල වත්මන් තත්ත්වය පිළිබදව පැහැදිලි කිරීම සඳහායි. පසුගිය 23 වන දා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගියා.
එහිදී කාදිනල් හිමිපාණන් වතිකානයේ රාජ්‍ය ලේකම් පීත්ත්‍රෝ පැරොලින් හිමිපාණන් ඇතුළු එරට ඉහළ පෙළේ කාදිනල් හිමිවරුන් කිහිප දෙනෙකු සමග ද සාකච්ඡාවල නිරත වුණා.
කාදිනල් හිමිපාණන්ගේ සංචාරය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද පැහැදිලි කිරීම සඳහා අද කොළඹ අගරදගුරු නිළ නිවසේදී ද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
මේ අතර, බොරැල්ල - ආනන්ද රාජකරුණා මාවතේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා ඇතුලු තුන්දෙනෙකු ලබන මස 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
918 Views
Comments