“ඒවා බොරු කතා ජනාධිපතිතුමනි” - ජනපති සමඟ ගොවියෙකු ප්‍රසිද්ධියේ මුහුණුට මුහුණ ගැටෙයි - පොහොර ඉල්ලා කෑගසයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

“ඒවා බොරු කතා ජනාධිපතිතුමනි” - ජනපති සමඟ ගොවියෙකු ප්‍රසිද්ධියේ මුහුණුට මුහුණ ගැටෙයි - පොහොර ඉල්ලා කෑගසයි (VIDEO)

“ඒවා බොරු කතා ජනාධිපතිතුමනි” - ජනපති සමඟ ගොවියෙකු ප්‍රසිද්ධියේ මුහුණුට මුහුණ ගැටෙයි - පොහොර ඉල්ලා කෑගසයි (VIDEO)

“ඒවා බොරු කතා ජනාධිපතිතුමනි, දළු කිලෝ පන්සීයක් කඩපු අපි දැන් කඩන්නේ කිලෝ දෙසීයයි.”

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තේ වගාවේ නිරත වගාකරුවෙකු අතර සිදුවන උණුසුම් සංවාදයක වීඩියෝවක් සමාජ මාධ්‍යයන්හි සංසරණය වෙමින් පවතී.


තේ වගාවට පොහොර සහනාධාරය හෝ අඩු මිලට පොහොර ලබා දෙන මෙන් ඉල්ලමින් එම ගොවියා ජනාධිපතිවරයා සමඟ අදහස් පල කරයි.


පොහොර නොමැතිකම නිසා තමන්ගේ අස්වැන්න විශාල වශයෙන් පහත බැස ඇති බවත් ගොවියා කියා සිටී.

 

නමුත් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ වසර දෙකක් නොමිලේ පොහොර දුන් බවත් අස්වැන්න අඩු වීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය.

 

කෙසේ වුවත් මෙම සිදුවීම කෙදිනක වූවක්දැයි පැහැදිලි නැත.

 

 

views

802 Views

Comments

arrow-up