බ්‍රිතානයෙන් එවූ අපද්‍රව්‍ය බහාලුම් අවසන් තොගයත් ප්‍රති අපනයනයට නැව්ගත කරයි

බ්‍රිතානයේ සිට මෙරටට එවා තිබූ අපද්‍රව්‍ය අඩංගු අවසන් බහාලුම් 45ක තොගය ප්‍රති අපනයනය සඳහා නැව්ගත කිරීම අද සිදු කෙරුණා.
ඒ, කොළඹ වරායේ සී.අයි.සී.ටී. අංගනයේ දීයි.
ඒ අනුව අදාළ බහාලුම් රැගත් එවර් - ජීනියස් නෞකාව අද රාත්‍රියේ කොළඹ වරායෙන් පිටත්ව යන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සඳහන් කළේ.
බ්‍රිතානයේ සිට මෙරටට ආනයනය කළ සායනික අපද්‍රව්‍ය, පාවිච්චි කරන ලද මෙට්ට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ වර්ගීකරණය නොකල හා අන්තරායකර අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 2463ක් සොයා ගැනුණේ පසුගිය 2019 වසරේයි.
ඉන් බහාලුම් 133ක් කොළඹ වරායේ ගබඩා කර තිබූ අතර, අනෙක් බහලුම් 130 ඒ වන විටත් වරායෙන් නිශ්කාෂණය කර කටුනායක ආයෝජන කලාපයේ පෞද්ගලික ගබඩාවක තැන්පත් කර තිබූ බවයි අනාවරණ වුණේ.
1004 Views
Comments