MAR
07
"රාජා" ජාතික වස්තුවක් ලෙස නම් කරයි

නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ඊයේ උපදෙස් දුන්නේය.
අනාගත පරපුරට දැක ගැනීම සඳහා නැදුම්ගමුවේ හස්ති රාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසද ජනපතිවරයා දැනුම්දී ඇත.
මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් එම හස්තිරාජයා සිටි ගම්පහ වැලිවේරිය නැදුම්ගමුව ප්‍රදේශයට ගොස් සිටිති.
971 Views
Comments