මුද්‍රණ කඩදාසි හිඟය නිසා පොත් ප්‍රකාශකයින් දුෂ්කරතාවක

මුද්‍රණ කඩදාසි හිඟය සහ එම අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඉදිරියේදී රජයේ මුද්‍රණ කටයුතු ද අඩාලවීමේ අවදානමක් පවතින බව රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ උපදේශක සහ හිටපු ලේකම් එම්.ඩී.ආර්. අතුල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙම තත්වය හමුවේ රජයේ ගැසට් පත්‍ර, පොලිස් දඩ පත්‍රිකා සහ පාසල් පෙළපොත් මෙන්ම අමාත්‍යාංශ ලිපි ලේඛන මුද්‍රණයට පවා ඉදිරියේදී ගැටලු ඇතිවිය හැකි බවයි.
මේ අතර පවතින ඩොලර් අර්බුදය හමුවේ රට තුළ මුද්‍රණ කඩදාසි හා මුද්‍රණ අමුද්‍රව්‍ය හිඟයක් පවතින අතර, ඒවායේ මිල ගණන්ද තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
එම තත්වය හේතුවෙන් මේ වනවිට පොත් ප්‍රකාශකයින් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය සඳහන් කළේ.
වෙළඳපොලේ ලිපි ද්‍රව්‍ය මිල ගණන්ද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
පෑන්, පැන්සල්වල මිලද රුපියල් පහකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලිපි ද්‍රව්‍ය අලෙවිසැල් හිමිකරුවන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම උපකාරක පන්ති ගුරුවරුන්ද මේ වනවිට මුද්‍රණ කඩදාසි හිඟය සහ ඒවායේ මිල ගණන් ඉහළ යාම හමුවේ දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තාවනවා.
කෙසේ වෙතත් උපකාරක පන්ති ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නො මැති බවයි ඔවුන් පවසන්නේ.
545 Views
Comments