මුලතිව් කෝවිලක ත්‍රස්තයින් වළදැමූ රත්‍රං ගොඩ ගන්න පිරිසක් එයි - කෝවිලට හමුදා ආරක්‍ෂාව

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය යුද සමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් - කුරුන්දඩි පිල්ලෙයාර් කෝවිල් භූමියේ වළ දමා තිබෙන රත්තරන් තොගයක් ගොඩ ගැනීමට පිරිසක් උත්සාහ කිරීමත් සමඟ පසුගිය 24 වනදා රාත්‍රීයේ එම කෝවිල් භූමියට හමුදා ආරක්ෂාව යොදවා ඇත.
කිසියම් පිරිසක් කෝවිල් භූමිය හෑරීම සඳහා සූදානම් වන බව කෝවිලේ මුරකරුවෙකු විසින් දැකීමෙන් අනතුරුව ඔහු ඒ සම්බන්ධව කෝවිලේ ප්‍රධාන පූජකවරයා දැනුවත් කිරීමෙන් පසුව පූජකවරයා මේ බව ආරක්ෂක අංශවලට පැමිණිලිකර ඇත.
ඒ අනුව කෝවිල් භූමියට පැමිණි යුධ හමුදාව සහ පොලිසිය රාත්‍රියේ සිට ආරක්ෂාව දැඩි කොට තිබේ.
මුලතිව් පොලීසිය මේ ස්ථානය හෑරීම සදහා පැමිණි පිරිස සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
2009 වසරේදී මෙම ස්ථානයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් විශාල රත්තරන් තොගයක් වළ දමා ඇති බවට ප්‍රචාරයක් යාම හේතුවෙන් මීට ඉහතදීද කීප දෙනෙකුම කෝවිල් භූමිය හෑරීමට උත්සාහ කළ අතර ඉන් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්විය.
797 Views
Comments