සංචාරක කර්මාන්තය නංවන්න පිලිපීනයෙන් සංචාරකයින් ගෙන්නන්න සැරසෙයි

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB), පිලිපීනයේ මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග එක්ව පසුගිය මාර්තු 29 සිට අප්‍රේල් 6 දක්වා පිලිපීන සංචාරක ක්‍රියාකරුවන් 09 දෙනෙකු සඳහා චාරිකාවක් පවත්වන ලදී.
නව සංචාරක මංපෙතක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව දැනුවත් කිරීම සහ ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයින් සහ පිලිපීන සංචාරක නියෝජිතයින් අතර සම්බන්ධතා ඇති කර ගැනීම මෙම චාරිකාවේ අරමුණ වී ඇත.
මෙම චාරිකාවට සීගිරිය, මහනුවර, නුවරඑළිය, යාල, ගාල්ල, බෙන්තොට සහ කොළඹ ඇතුළුව ස්ථාන ගණනාවක අසිරිය විඳීමට අවස්ථාව සලසා දී තිබේ.
එම සංචාරයේදී යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉපැරණි සීගිරි පර්වත බලකොටුව, ශ්‍රී දළදා මාලිගාව සහ මහනුවරදී පැවති උඩරට සංස්කෘතික සංදර්ශනය සුවිශේෂී වූ බව වාර්තා වේ.
මෙම චාරිකාව පිලිපීන සංචාරක ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකාවේ සංචාරය පිළිබඳ පළමු අත්දැකීම වූ අතර මෙම අවස්ථාව අනාගතයේදී දෙරට අතර ව්‍යාපාරික හවුල්කාරිත්වයක් ඇති කරගැනීමටද ඉවහල් වනු ඇත.
233 Views
Comments