ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්

ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්

පුත්තලම සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් හැටක් හැත්තෑවක් දක්වා ඉහළ යාම හේතුවෙන් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බවයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

252 Views

Comments

arrow-up