තුන ඉවරයි..අපි ඊළඟට යමු හතර ගහන්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

තුන ඉවරයි..අපි ඊළඟට යමු හතර ගහන්න

තුන ඉවරයි..අපි ඊළඟට යමු හතර ගහන්න

ඇතැම් පිරිසකට තුන්වන එන්නත් මාත‍්‍රාවෙන් මාසයකට පසුව තවත් එන්නත් මාත්‍රාවක් ලබා දීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

 

විදේශ රටවල ඇති නීති රීති අනුව සමහර එන්නත් වර්ග පිළි නොගන්නා බවත් සයිනොෆාම් එන්නත ඇතැම් රටවල් පිළි නොගත් අවස්ථා ඇති බව හෙතෙම පැවසීය.

 

ඒ හේතුවෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් සහ ෆයිසර් එන්නතක් ලබා ගත් අයට මාසයකට පසුව ෆයිසර් තවත් මාතාවක් ලබා දීමට සිදුවන බව ද ඔහු පැවසීය.

 

කෙසේ වුවත් පොදුවේ ජනතාව සඳහා හතරවන මාත්‍රාවක් ලබා දීම ගැන මෙතෙක් සාකච්ඡා නොවනබවද හෙතෙම සඳහන් කළේය.

views

1179 Views

Comments

arrow-up