උපාලි විජේවර්ධන අතුරුදහන් වී අදට වසර 19ක් - හේතුව තවමත් අභිරහසක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

උපාලි විජේවර්ධන අතුරුදහන් වී අදට වසර 19ක් - හේතුව තවමත් අභිරහසක්

උපාලි විජේවර්ධන අතුරුදහන් වී අදට වසර 19ක් - හේතුව තවමත් අභිරහසක්

ලංකා ඉතිහාසය තුළ එදා මෙදා තුර පහළ වූ විශිෂ්ඨතම ව්‍යාපාරිකයෙක් ලෙස සැලකෙන උපාලි විජේවර්ධන මහතා සිය පෞද්ගලික ජෙට් යානය සමඟ අභිරහස් ලෙස අතුරුදහන් වූයේ 1983 වසරේ අද වැනි දිනකයි.

 

ඩෙල්ටා ටොෆි නිෂ්පාදනයෙන් ඇරඹි උපාලි මහතාගේ ව්‍යාපාර කටයුතු පසුව කැන්ඩෝස් චොකලට් නිෂ්පාදනයටත්, රේඩියෝ සහ ටී.වි එකලස් කිරීමටත්, උපාලි කාර් සමාගම සහ උපාලි ඒවියේෂන් දක්වාත් පුළුල්ව විහිදි ගියා.

 

60 – 70 දශකයේ මෙරට සිටි ධනවත්ම පුද්ගලයා ලෙස සැලකුණු උපාලි විජේවර්ධන මහතාට අයත් උපාලි සමුහ ව්‍යාපාරය තුළ ලොව පුරා සේවකයින් 33,000ක් අපමණ සේවය කළ බව පැවසෙනවා.

 

ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තටම ගිය මේ විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයා සිය 45 වන උපන්දිනය සැමරීමට දින 04ක් ඉතිරිව තිබියදී 1983 පෙබරවාරි 13 වනදා ඔහු ගමන් කරමින් සිටි සුප්‍රසිද්ධ Learjet ජෙට් යානය මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිත තැනකදී අතුරුදහන් වූ බව කියවෙනවා.

 

කෙසේ වෙතත් එම අතුරුදහන්වීම ලක්දිව ඉතිහාසයේ මෙතෙක් නොවිසිදුන අභිරහසක්.

 

 

 

 

 

 

 

Sorce :- news19

views

1068 Views

Comments

arrow-up