OCT
03
බලංගොඩ මාර්ගයක් නායයෑමේන් ගමනාගමනට බාධා

බලන්ගොඩ සමනලවත්ත මාර්ගයේ මස්සැන්න ප්‍රදේශයේ කොටසක් නාය ගොස් තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇත.
පවතින අවදානම් තත්වය හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වූ බස් රථයද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති අතර පැවති අධික වර්ෂාවත් සමඟ නායයෑම සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
නායයෑම සිදුවී ඇති ස්ථානයට පහළින් නිවාස 15ක් පමණ පවතින අතර තවදුරටත් නායයෑමක් සිදුවුවහොත් එම නිවාසවලට බරපතළ හානි සිදුවීමේ අවධානමක්ද පවතී.
832 Views
Comments