මෙරට සිටින විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාව තුළ සිටින සියලුම විදේශිකයින්ගේ වීසා කාලය දෙසැම්බර් 05 දින දක්වා දින 60 කින් දීර්ඝ කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින්ආ ගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරන්නේ දැනට ලබා දී ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය 2020.10.07 වන දින සිට 2020.12.05 දක්වා දීර්ඝ කර තිබෙන බවයි.
එම වීසා දීර්ඝ කිරීමට අදාළව, වීසා ගාස්තු ගෙවීම හා වීසාව ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ඉදිරියේ දී දැනුම්දෙන බව ද එම නිවේදනයේ දැක්වේ. එම කාලය තුළ දිවයිනෙන් බැහැර වීමට අවශ්‍ය නම්, වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන්තොටුපොළ වෙත ගෙවා දිවයිනෙන් බැහැර වී යා හැකි අතර, එහිදී කිසිදු දඩ මුදලක් අය කරනු නොලැබේ.
794 Views
Comments