"මැතිවරණය තිබ්බෙ නැත්නම් බෝට්ටුවකින් හරි මේ රටෙන් යනවා" - හිටපු මැකෝ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

"මැතිවරණය තිබ්බෙ නැත්නම් බෝට්ටුවකින් හරි මේ රටෙන් යනවා" - හිටපු මැකෝ කියයි

"මැතිවරණය තිබ්බෙ නැත්නම් බෝට්ටුවකින් හරි මේ රටෙන් යනවා" - හිටපු මැකෝ කියයි

සැප්තැම්බර් 15 වනදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටී.

 

නව සීමා නිර්ණ වාර්තාව භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මෙම අදහස් පළ කොට සිටි ඒ මහතා, නව සීමා නිර්ණ වාර්තාවට අනුව අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 4714 දෙනෙකු තෝරා ගැනීමට නියමිත අතර, තේරී පත් වන අපේක්ෂකයින් ගණන තීරණය කරනු ලබන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසා මෙම ගණන ඉදිරියේ දී වෙනස් විය හැකි බවද කියා සිටියේය.

 

මැතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, මැතිවරණයකින් තොර ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටි මහින්ද දේශප්‍රිය මහතා, "රටේ ජනතාවට කාලා ඇඳලා ඉන්න මැතිවරණයක් ඕනෑ නෑ කියනවා නම්, එහෙම රටක ජීවත්වනවාට වඩා බෝට්ටුවකින් හෝ පැන යාම හොඳ" බවත් කියා සිටියේය.
 

views

232 Views

Comments

arrow-up